නිහඬ විරෝධය
පසුගිය කාලයේ මාධ්‍ය‘වේදීන්ට සිදුකළ හිරිහැර කිරීම්, ඝාතනය කිරීම්වලට වගකිවයුතු පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන ඊයේ (29දා) නිහඬ විරෝධතාවයක නිරත විය.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැති මෙම විරෝධතාවයට සමගාමීව මියගිය මාධ්‍ය‘වේදීන් සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීමටත් කටයුතු කරනු ලැබිණ.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා සඳහන් කළේ පසුගිය කාලයේදී මාධ්‍ය‘වේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් 30ක් පිළිබඳව පොලිසිය ඇතුළුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කර තිබෙන නමුත් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නිසි ලෙස සිදුවී නොමැති බවත්, වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට යහපාලන ආණ්ඩුව ලබාදුන් පොරොන්දු පවා කඩ වී ගොස් තිබෙන බවත්ය.
ඡායාරූප ඉසුරු පෙරේරා

























popular news
-
asasm Wednesday, 30 January 2019 10:22 PM
එයේ මෙයාලට හිරිහැර කරන්නේ. මොනවා හරි ලියල කීයක්හරි හොයාගන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

