නිවැසියෝ බිය ගන්වමින් කඳුකර කොටි රාත්රීයේදී නිවෙස් කරා
කඳුකර කොටියන් රාත්රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.
රාත්රි කාලයේ නිවාසවලට පැමිණෙන මෙම කඳුකර කොටියන් නිවෙස් තුළ සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පෙළඹී සිටින බවත්, ඔවුන් රාත්රිය පුරාවටම නිවෙස් ආසන්නයේ ගැවසෙමින් සිටින බවද ඔවුහු කියති.
කඳුකර කොටියන් මෙසේ පැමිණ නිවෙස්වල දොරවල් විවෘත කිරීමට පවා තැත් කරන බවත්, ඇතැම් අවස්ථාවල රාත්රී කාලය පුරාවටම මොවුන් නිවාස ආසන්නයේම ගැවසෙමින් සිටින බවද එම පදිංචිකරුවෝ සඳහන් කරති.
ආගරපතන නව කොළණිය ගම්මානයේ නිවසක සවි කර තිබු ආරක්ෂක කැමරාවක විශාල ප්රමාණයේ කඳුකර කොටියෙකු නිවසට පැමිණ නිවසේ පිටුපස දොර විවෘත කිරීමට තැත් කරන අයුරු සටහන්ව ඇති බවත්, එම කඳුකර කොටියා අවස්ථා ගණනාවකදීම මෙසේ නිවසේ දොර විවෘත කර ගැනීමට තැත් කරන අයුරු එහි සටහන්ව ඇති බවද ඔවුහු කියති.
මේ හේතුවෙන් එම ප්රදේශවල ජනතාව තුළ පැවැති කඳුකර කොටි බිය තවත් ඉහළ ගොස් ඇති බවත්, ගම්මානය ආසන්නයේ සැරිසරණ කඳුකර කොටියන් ඉවත් කිරීමට සුදුසු වැඩසටහනක් දියත් කරන ලෙස එම වැසියෝ වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව ආගරපතන පොලීසියට පැමිණි කොට ඇති බවද එම ගම්මානයේ වැසියෝ වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ





popular news
-
Kumar Monday, 09 January 2023 04:41 PM
California pranthayeth puma wargayata ayath koti Los Angles nagaraye wadikalabalayak nathi pathiwala paminiwaga rupavahiniye penwanawa. adhawethek munadak dama ema sathek maruna wagak hala naha. Samahara awasthawala baladharin ema sathun aatha kaleyta geneya bawa ahalathibenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

