නැට්ට කොටා වනජීවි භාරයට
මාතලේ, මඩවල, රජ්ජම්මන ආදී ප්රදේශ රැසක ජනජීවිතයට කාලයක් තිස්සේ තර්ජන එල්ල කළ මීනිමරු වනඅලියා පෙරේදා (07දා) උදෑසන වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබීය.
මෙම මෙහෙයුම පිළිබඳවෙ අදහස් දැක් වූ වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ දින 04ක මෙහෙයුමෙන් මෙම වනඅලියා නිර්වින්දනය කොට අල්ලා ගත් බවයි.
එම ප්රදේශවල පදිංචිකරුවන් විසින් 'නැට්ට කොටා' නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.
මෙසේ අල්ලා ගත් වනඅලියා රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.
රත්තොට රුවන් ධනංජය/නාඋල ඉන්දික අරුණ කුමාර/ එම්. ඩබ්. සෝමරත්න



popular news
-
Champa Sunday, 08 July 2018 06:47 PM
අලි මැරෙන එකයි මිනිස්සු මැරෙන එකයි දෙකම ගැන කනගාටුයි. ඒ වුනාට වැරැද්ද අලියාගේ නෙමෙයි මිනිස්සුන්ගේ. Elephant corridors වහගෙන මිනිස්සු වගා කරනවා. අලි ගැවසෙන කැලා එලි කරනවා. අලියා ඉන්න තැන එන්න එන්නම කුඩා වෙනවා. අලියා කියන්නේ හොඳ මොලයක් තියෙන සතෙක් විතරක් නෙමෙයි. හුඟක් සංවේදී සතෙක්. මිනිස්සුන්ව නිකම් මරන්නේ නැහැ. අලින්ට කෑම සහ වතුර හුඟක් ඕනේ. හොඳට වැඩුණු අලියෙක්ට කිලෝ ග්රෑම් 500ක් විතර කෑම ඕනේ දවසකට. මුළු දවසෙම කෑම කනවා. වතුරත් ගැලුම් 40ක් විතර බොන්න පුළුවන්ලු දවසකට. වතුර ඇඟටත් ඕනේ. කැලේ කෑම නැහැ ඉස්සර වගේ වැව් දිය කඩිති ඇළ දොළ වේලිලා. අලියන්ට ප්රශ්නයක් තියෙනවා. ජීවන ප්රශ්න.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

