නාවික හමුදාව ගොඩගත් විශාලම අවරපෙත්ත නා.හ. මූලස්ථානයේ
මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.
වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් හම්බන්තොට මුහුදු ප්රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ තිබු නෞකා සුන්බුන් නිරික්ෂණය කර ඇති අතර, එහිදී නෞකාවෙන් වෙන්ව තිබූ මෙම අවරපෙත්ත නිරික්ෂණය කර තිබේ.
එහි පෞරාණික වටිනාකම හඳුනාගත් නාවික හමුදාධිපති විසින් මෙම අවරපෙත්ත පුරාවස්තු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ අදහසින් එය ගොඩ ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදී.
ඔවුන් විසින් ආරක්ෂිතව මෙම අවරපෙත්ත ගොඩට ගැනීමට කටයුතු කරන ලදී.නා වික හමුදාවේ ගොඩගැනීම් මෙහෙයුම් සඳහා නම් කර ඇති ‘ඒ 521’ යාත්රාව සිදුකළ පළමු මෙහෙයුමද මෙය වෙයි.
වෙනත් ආයතන මගින් මිට පෙර කිහිප අවස්ථාවකදී මෙම අවරපෙත්ත ගොඩගැනීමට උත්සහ කර ඇතත් එය අසාර්ථක වී ඇතැයි නාවික හමුදාව නිවේදනය කරයි.
ශ්රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකය විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙස මෙය ඉතිහාස ගත වේ.



popular news
-
Champa Sunday, 15 September 2019 07:24 PM
Wow හරිම විශාලයි. මං නම් දැක්කමයි මේ වගේ එකක්. ගොඩට ගන්න සෑහෙන අමාරු වෙන්න ඇති. අවුරුදු 100 කට වඩා පරණ මේ අවරපෙත්ත හුඟක් වටිනවා. අපේ නාවුක හමුදාවටත නාවුක හමුදාපතිතුමාටත් හුඟක් ස්තුතියි. ලංකාවේ නාවුක හමුදාවට කෞතුකාගාරයක් තියෙනවද? නිකමට හැව්වේ. අපි දීර්ඝ ඉතිහාසයක් තියෙන ජාතියක්. හැබැයි ඔන්න විජය හොරාගෙන් නම් පටන් ගන්න එපා. විජය හොරා එනකොටත් අපේ රට විශිෂ්ට ශිෂ්ඨාචාරයක් තිබ්බ රටක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

