දියවන්නාවේ විශාල තෙල් තට්ටුවක්
දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබේ.
මින් දින දෙකකට පමණ පෙර මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව ඡායාරූප කිහිපයක් ද අමාත්‍යවරයාට හිතවතෙක් විසින් ලබා දී ඇත.
එම ඡායාරූප අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව ද පෙනී යයි. මේ සම්බන්ධව සොයා බලා මෙම ක්‍රියාව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.



popular news
-
Dayan Wednesday, 22 September 2021 10:25 AM
These are the oil that Minister Gammanpila was talking about. Out of $267 million worth of oil some have leaked there when he is away.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
