තැපැල් ගැටලුවට දින 14කින් විසඳුම් ඕන
තැපැල් සේවක ගැටලුව දින 14ක් තුළ විසඳීමට කටයුතු නොකළහොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය ඒකාබද්ධ කරගෙන වැඩ වර්ජනයක් දියත් කරන බව පොදු දේපොළ හා මානව හිමිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මේ පිළිබඳව හෙට (26 දා) ජනාධිපති, අගමැති, මුදල් අමැතිට ලිඛිතව දන්වා සිටින බවද එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රංජන් සේනානායක මහතා සඳහන් කළේය.
තම ව්‍යාපාරය යටතේ වෘත්තීය සමිති 19ක් ලියාපදිංචි වී සිටින බවත්, එහි පළමු ක්‍රියා මාර්ගය අද (25 දා) තැපැල් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ බවත් හෙතෙම කියා සිටියේය.
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතු වී තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී අද (25දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයන් පසුගිය 11 වැනි දින සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ. එම ක්‍රියාමාර්ගයට සහය පළකරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
ඡායාරූප ශමීර රාජපක්ෂ






popular news
-
samson Tuesday, 26 June 2018 12:12 PM
සන්නිවේදනය සඳහා අද තිබෙන නවීන තාක්ෂණ ක්‍රම නිසා සාම්ප්‍රදායි තැපැල් සේවය ජනතාවට අවශ්‍ය සේවයක් නොවේ. එම නිසා මෙය කට්ටියට ගෙවල්වලට වී වර්ජනය කරන්න කියන්න. රක්ෂාවට එන්නේ නැත්නම් වැටුප් ගෙවන්නත් එපා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

