තායිලන්ත ආයෝජකයන්ට ලංකාවෙන් කර්මාන්ත කලාපයක්
තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ.
ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔ චා මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13දා) පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදීය.
අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවිය. ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.
දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.





popular news
-
Champa Saturday, 14 July 2018 07:03 AM
What is this? What is the reason for giving a special investment and industrial zone exclusively for Thailand? Earlier the slave government agreed to give a similar zone to China in Hambantota. Next will be exclusive Indian zone in Mattala. Then Singapore will also demand one special zone. Then Japan. Then …. Hello Wimal, where are you? Wake up, buddy! Look... slave government is selling the country in style from region to region by way of bogus investment zones. This has to be stopped.
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

