තනි පුද්ගලයෙකුගේ බලතල නිසා චීනය මහින්දව මිලට ගත්තා
තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා තනි පුද්ගලයෙකු සතුව තිබෙන විධායක බලතල අහෝසි කිරීමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගත යුතු බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඇතැම් පිරිස් තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට බොරු බිල්ලන් මවාපාමින් සිටින බවත්, ඒවා පරාජයට පත්කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ජනතාව දැනුවත් කිරීම සඳහා අද (02දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ




popular news
-
Champa Monday, 02 July 2018 10:18 PM
හූඌඌඌ මිනිස්සුන්ගේ මූණ බලපුවහම පේනවා JVP එක මිනිස්සුන්ට කොච්චර පිලිකුල්ද කියලා. හිටපු ජනාධිපතිවරයා සල්ලි ගත්ත කියන්නේ ඇමරිකන් පත්තරයක් කිසි සාක්ෂියක් නැතුව. දේශපාලන වශයෙන් කිසිම වැදගම්මක් නැති වෙලාවක ආණ්ඩුවට තල්ලුවක් දෙන්න හදපු කතාවක්. මොන බොරු කිව්වත් මහින්ද ආයේ එන එක නවත්තන්න බැහැ. 20A ගෙනාවොත් මිනිස්සු කැරලි ගහල ඕක නවත්තනවා. හිතන්න එපා මිනිස්සු උඩ බලන් ඉඳියි කියලා. පුළුවන් නම් ගෙනල්ල බලන්න.
Reply : 14 107
dan Monday, 02 July 2018 11:05 PM
මහජනයාගේ එතරම් හොද ප්‍රතිචාරයක් නැති පාටයි. ජ වී පෙ ට ගිය කලක්
Reply : 15 121
Saturday, 07 July 2018 03:47 PM
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply : 0 0
Saturday, 07 July 2018 03:47 PM
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

