ජපාන යුද නැවක් කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘SAMIDARE’ නෞකාව, දිගින් මීටර් 151 ක් හා නැව් මුළුව 199 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Naoki KOGA කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘SAMIDARE’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Naoki KOGA සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර, නිල හමුවක් 2024 නොවැම්බර් මස 18 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 නොවැම්බර් මස 19 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

