ජනබල සේනා විරෝධතාවට පෙර අත්පත්‍රිකා
ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පද්ම උදය ශාන්ත ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක් වූ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා,
“පරගැති පාලනය තවදුරටත් තිබුණහොත් ජාතිය අවසානයට පත් වෙනවා. ඒ බව ජනතාවට වැටහී තිබෙනවා.බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන, ජීවන බර වැඩිකරන, මත්තල ඇතුළු මේ රටේ ජාතික සම්පත් විකුණන, ගොවියගේ ඉඩම් ටික විකුණන මේ ආණ්ඩුව ගෙදර යවන්න, පරගැති හවුල පරද්දන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ හතරවටින් හෙට එක්වෙනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු






popular news
-
Champa Thursday, 02 August 2018 04:29 AM
(අද පාන්දරම මේක ලියන්න හිතුව.) -- විමල් ඇතුළු හැමෝටම, දිනේෂ්, වාසු, උදය, බන්දුල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කොළොඹ දිස්ත්‍රික්කයේ හැමෝටම මගේ සුබ පැතුම්. -- ආදරණීය විමල්, ඔබේ රණහඬ නොවන්නට අද අපේ මව්බිම මීට වඩා ඉතාම භයානක අඩියකට වැටෙන්න ඉඩ තිබුන. පරගැති දේශද්‍රෝහී ආණ්ඩුවෙන් අපේ රට මේ තරමටවත් බේරා ගන්න ලැබුනේ ඔබ දිවා රෑ නොබලා හෙලු දහදියෙන්. උගුර ලේ රහ වෙනතුරු ඔබ වේදිකාවල කෑගසූ හඬින්. 2015 පෙබරවාරි 18 ඉඳන්, බොහෝ කරදර, කම්කටොලු, හිරිහැර, නින්දා අපහාස, අවලාද, හිත්වේදනා, සිරගත කිරීම්, චරිත ඝාතන මැද, මුළු රටම අවදි කරමින් ඔබ පටන් ගත් අරගලය අද අවසාන කොටස දක්වා ඇවිල්ල තියෙනවා. පරගැති ආණ්ඩුවේ ගමනක අවසානය දකින ජයග්‍රාහී සටනේ පටන් ගැන්ම අද පවත්වන ජන බල සේනා රැළියෙන් සනිටුහන් කරනවා. ඉදිරි මාස 17 අපේ රටට ඉතාම තීරණාත්මකයි. උතරු නැගෙනහිර දෙමල මුස්ලිම් චන්ද වෙනුවෙන් පරගැති ආණ්ඩුව දෙවෙනි පාවාදීම මේ කාලය ඇතුලත කරනවා. මත්තල පලාලි හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළවල් විතරක් නෙමෙයි, ත්‍රිකුණාමල, කන්කසන්තුරේ වැනි වරායවල්,වනාන්තර, ඉඩම් විදේශික සමාගම් වලට, වෙන රටවලට විකුනන ගිවිසුම් මේ කාලය ඇතුලත අත්සන් කරනවා. Contd'.....
Reply : 135 0
Champa Thursday, 02 August 2018 04:33 AM
ඊයේ හර්ෂ ද සිල්වා කියනව නොවැම්බර් මාසේ Regional Comprehensive Economic Partnership (RCEP) නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා. රටවල් 16ක්. අපි සිංගප්පුරු ගිවිසුම අත්සන් නොකොළොත් අපිව විතරක් ඉතුරු වෙනවලු. ඒ හින්ද අපි මේකට අනුකලනය (integrate) වෙන්න ඕනෙලු. මේක ලොකු බොරුවක්. අපි මේ සිංගප්පුරු ගිවිසුම අත්සන් නොකල යුතුයි. අත්සන් කලොත් අපිව හිරවෙනවා. RCEP එකෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ASEAN රටවල් 2012දී එකඟ වුනු දෙයක්. TTPP එකෙන් ඇමරිකාව අයින් වුනු හින්ද RCEP කියලා අලුත් එකක් අත්සන් කරනවා. ඒකයි, අපි අත්සන් කරන සිංගපූරු ගිවිසුමයි අතරේ ඇති සම්බන්ධයක් නැහැ. කිසිම රටක් මෙහෙම නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ මාසෙන් දෙකෙන්. මේවා අවුරුදු ගණන්, ගිවිසුමේ වගන්තියෙන් වගන්තිය, වචනෙන් වචනේ සාකච්චා කරලා, අත්සන් කරන්න ඕනේ ගිවිසුම්. පරගැති ආණ්ඩුව මාසෙන් දෙකෙන් අත්සන් කරනවා. ලෝකේ ඕනේ රටක් දන්නවා ලංකා ආණ්ඩුවට ලොකු කොමිස් කුට්ටියක් දුන්න නම් ඕනේ සම්පතක් ගන්න පුළුවන්. ඕනේ ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන් කියලා. මේ ආණ්ඩුව කිසි ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ රටට ආදරෙන්. Contd'......
Reply : 1 0
Champa Thursday, 02 August 2018 04:44 AM
මේ තරම් බරපතල ගිවිසුම් හදිසියෙන් අත්සන් කරන්නේ කොමිස් මුදල නිසා. වෙන හේතුවක් නැහැ. මේ කිසි ගිවිසුමක sunset clause කියන එක නැහැ. අනාගතේ රටම විශාල අමාරුවක වැටෙනවා කඩිමුඩියේ අත්සන් කරන ගිවිසුම් නිසා. අපේ දේශීය ව්‍යාපාර කඩා වැටෙනවා. ආයේ ගොඩ ගන්න බැරි වෙන්න. අපේ ව්‍යාපාර ඔක්කොම විදේශිකයන් අතට දෙනවා. ගොල්ෆ් පිට්ටනි ක්‍රිකට් පිට්ටනි අනුන් අතට යනව. මේවා ආයෝජන නෙමෙයි. ආයෝජන කියන්නේ අලුතින් ව්‍යපෘති ඇති කිරීම. මේ කරන්නේ අපේ තියෙන ව්‍යාපාර සම්පත් විදේශිකයන්ට කුණු කොල්ලෙට විකිණීම. අනිත් පැත්තෙන් හාමුදුරුවන්ට නීති දානවා. එතැන වෙනම ප්‍රශ්නයක් හදල. හැම එකටම බදු ගහනව. මේවාට විරුද්ධව මිනිස්සු නැගී හිටින්න ඕනේ. ජනතාව ඉස්සරහට ඇවිල්ල විරෝධය පල කරන්න ඕනේ. විපක්ෂ දේශපාලකයන්ට විතරක් මේක බාර දීල හරියන්නේ නැහැ. ප්‍රබල ජන හඬක් නැඟෙන්න ඕනේ. --- ඒ හින්ද අනාගතයේ රටම හොල්ලන තරමට රටම එකතුවෙන තරමට ශක්තිමත් මහා ජන සයුරක් නිර්මාණය කරන්නට අඩිතාලම විදියට දළදා සමිඳු පිහිටෙන් අද පවත්වන ජන බල සේනා රැලිය හිතනවාටත් වඩා ඉහලින්, ඉතාම සාර්ථකව, සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව පවත්වන්න ලැබෙන්න කියලා හුඟක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා!!!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

