චීනයෙන් එන S14 දුම්රිය මෙන්න
ශ්රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්රී ලංකාවට ගෙන්වීමට නියමිතය.
මෙම බලවේග කට්ටල 9ට දුම්රිය මැදිරි 90ක් අයත්වෙයි. මෙම සමාගම වෙනුවෙන් ශ්රී ලංකාව වෙනුවෙන් නිපදවා ඇති සිව්වැනි දුම්රිය කාණ්ඩයම මෙය වෙයි.
පැයට කිලෝමීටර් 120ක වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රියන්ට වායු සමනය කළ මැදිරිය අයත්වෙයි. ඒවා නවීන පහසුකම්වලින් සමන්විත බව ෂිංහුවා පුවත් සේවය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පවතින ආර්ද්රතාවයට හා උෂ්ණත්වයට ගැලපෙන පරිදි ඒවාට ඔරොත්තු දෙන අන්දමේ වානේ යොදාගෙම මෙම දුම්රියන් නිපදා තිබේ.
මීට පෙර මම සමාගම විසින් ශ්රී ලංකාව වෙනුවෙන් දුම්රිය 43ක් නිපදවා ඇති අතර එය ශ්රී ලංකාවේ දුම්රිය ඇණියෙන් භාගයකට ආසන්න වෙයි.




popular news
-
Kumar Sunday, 14 July 2019 07:42 PM
මොනරටේ දුම්රිය නිපයුවත් ලංකාවට විශේෂයෙන් නිපදවන්න ඕනෙ. එසේ කිරීමට සිදුවී ඇත්තේ ලංකා දුම්රිය මාර්ගය ඉන්දියාව සහ අර්ජෙන්ටිනාව හැර ලෝකෙ අන්රටවල්වල තිබෙන දුම්රිය මාර්ගවලට වඩා පළලින් වැඩිනිසා. බටහිර රටවල් වලින් ආනයනය කල දුම්රිය තවම සේවයට යොදවන බවනම් පෙනෙනවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

