චීන විදෙස් ඇමති අගමැති හමුවෙයි
- 15 01 2020
- 12:03
- {{hitsCtrl.values.hits}} views
- ..
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ බලශක්තිය ආදී ක්ෂේත්‍ර පිළිබඳ ආර්ථික සහයෝගිතාවය සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන අංශ වූ බවද අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
