ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
ගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
මේ නිසා ඉදිරියේදී දින 05ක ගුරු විදුහල්පති වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
ගුරු විදුහල්පති සංගම නියෝජිතයින් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු සමග මෙම සාකච්ඡාව පැවැත්වූ බවත් ලබන සතිය තුළ නිසි විසඳුමක් නොලැබුණහොත් දින 05ක වැඩ වර්ජනය සිදුකරන බවද කියා සිටියේය.
ඒ අනුව සැලසුම් කළ පරිදි අද (26දා) සහ හෙට (27දා) ගුරු විදුහල්පතිවරුන් සේවයෙන් බවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද කියා සිටියේය.
ගුරු විදුහල්පති ගැටලු විසඳන ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාල දක්වා පා ගමනක් පැවැත්වීමට සැලසුම් කළත් පොලීසිය ලෝටස් මාර්ගයේදී මාර්ග බාධක යොදා තිබූ නිසා පා ගමන ඉදිරියට ගමන් කිරීමට නොහැකි විය.
එහෙත් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින්ට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සාකච්ඡා කිරීමට පොලිස්පති අවසර දීමට කටයුතු කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd