ගස්යට වැටෙන ඩොලර් අහුලගන්නයි රජයට කියයි
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පළතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර ,අඹ , කටු අනෝදා, ගස්ලබු ,දෙළුම් ,ආදී පළතුරු වගාවන් ආරම්භ කොට තිබිණි.
වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක, දියර පොහොර ,සහ පලළතුරු ගස් වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන් හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන් ගෙන් විනාශ වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
රටේ ඩොලර් හිගයක් පවතින අවස්ථාවක ඩොලර් රටට ගෙනදුන් පළතුරු මෙසේ ගස් යට විනාස වීම නිසා දඹුල්ල්ල වෑවල වැව ප්‍රදේශයේ ඩොලර් ගස් යට වැටී ඇති බව පෙන්වා දෙමින් එම ඩොලර් අහුලාගෙන යන්නැයි ගොවීහු මුදල් අමාත්‍යවරයාට පාරිභෝගික අමාත්‍යවරයාට මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාට ද පවසති.








popular news
-
Kumar Monday, 27 December 2021 02:56 AM
pasenna kalin kadana palathuru kavuda ganne. eka gamanak rawatunata api modyokiyala sithanna athi.
Reply : 2 1
Kumar Tuesday, 28 December 2021 04:26 PM
Californiawe inna api dilirawani roga saadunama isinne kohombathel wathura samaga mishra karalayi. lankawe hondha kohomba thel thibenawada. Amerikawe kiyanne "neem oil" kiyalayi.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

