ගම්මන්පිලගේ මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට කෘතිය එළිදැක්වයි
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
2015 ජනවාරි 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය.
කෘතිය මහා සංඝරත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාට අමාත්‍ය විමල් වීරවංශ මහතාට හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට පිළිගැන්වනු ලැබීය.
ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා කෘතිය පිළිබඳ හැඳින්වීම සිදු කළේය.
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු සුබපැතුම් එක් කළහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු පිරසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා




popular news
-
Prabath Tuesday, 10 March 2020 04:20 PM
Who is the real author?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

