දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනාගේ ළගම මිතුරෙකුගේ පියා ඉලක්ක කර ගෙන ගන්දර කපුගම දී අද (03) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගන්දර පොලීසිය පවසයි.
දැනට විදෙස්ගතව සිටින එම මිතුරා ඝාතනයට ලක්වු තරුණයින් දෙදෙනාගේ තුන් මාසයේ පිංකම වෙනුවෙන් අයිස් ක්‍රීම් දන්සැලක් දීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම හා ඔවුන්ගේ රුව සහිතව ශරීරයේ ටැටූ කොටා එහි ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දැමීම පිළිබඳව උරණ වී ඔහුගේ පියාට වෙඩි තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
තවද මෙම වෙඩි තැබීම ඩුබායි හී සැගවී සිටින දෙවිනුවර දෙහි බාලේ මල්ලී නැමැත්තා විසින් මෙහෙයවන්නට ඇති බවට ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
වෙඩි වැදීමෙන් සුලු තුවාල ලබා ඇත්තේ හේවා පාතගේ ප්‍රසාද් නිශාන්ත (48) නැමැති තිදරු පියෙකි.
ගන්දර මාතර මාර්ගයේ පෞද්ගලික බසයක හා බහු දින යාත්‍රා දෙකක හිමිකරුවෙකු වු ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් මාතර දෙස සිට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එම නිවස ඉදිරිපිට ගේට්ටුව ලග සිට නිවස දෙසට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
ඒ වන විට අදාල ව්‍යාපාරිකයා නිවසේ ඉස්තෝප්පුව අසල පුටුවක වාඩි වී තේ පානය කරමින් සිට ඇත.ගේට්ටුවේ ඉබි අගුළු දමා තිබීම නිසා තුවක්කුකරුට නිවස තුලට ඒමට නොහැකි වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අදාල නිවස මාතර කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන අතර වෙඩික්කරුවක් ක්ෂණයකින් වෙඩි තැබීම සිදු කර කතරගම දෙසට පලා ගොස් ඇත.
කෙසේ වෙතත් ඉතා සුලු වේලාවක් තුලදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කලද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
දෙවිනුවර ප්‍රදේශයේ පවතින පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවත් එය දැනට ඩුබායි හී සැගවී සිටින දෙහි බාලේ මල්ලී නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවටත් පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට පෙර හා පසු දෙහි බාලේ මල්ලී නැමැත්තා විසින් දෙවිනුවර අවට කිහිප දෙනෙකුට ලබා දුන් බවට සැක කෙරෙන දුරකතන ඇමතුම් කිහීපයක් පිළිබඳව ද පොලිස් විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇත.
ක්‍රිෂාන් ජීවක ජයරුක්


