කෘතගුණ සැලකූ වඳුරා
මඩකලපුව තාලංකුඩා ප්රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ ඔහුට ගෞරවය පුද කරන සිදුවීමක් වාර්තා වෙයි.
ඉන් නොනැවතී මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකළ කනත්ත දක්වා මෙම වඳුරා ගමන් කිරීමටත්කටයුතු කළේය. තාලංගුඩාහි පදිංච් පීතාම්බරම් රාජාන් 52 හැවිරිදි දෙදරු පියෙකවන වූ මෙම මියඟිය පුද්ගලයා නිතර ගැවසෙන වඳුරෙකුට බිස්කට් හා ආහාර ලබා දී ඇත.
සෑම දිනකම එම වඳුරා තම නිවසට පැමිණෙන විට බිස්කට් ආහාර ලබා දෙන අතර එම නිවෙස් හිමියාගේ ආබාධිත දරුවාව වඳුරා සිත් පිනවා ඇත.
මෙසේ තිබියදී එම නිවසේ හිමිකරු පසුගිය සඳුදා රාත්රියේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්රාප්තවී සිටියදි නිවස පැම්ණි වඳුරා අවසන් කටයුතු කිරීමට සුදානම් වු තම ස්වාමියාව දුටුවේය.
නිසල දේහය අසලට ගොස් ස්වාමියාව හුස්ම ගන්නා දැයි බෙල්ලෙන් කමිසයෙන් අල්ලා පරීක්ෂා කර බෝහෝ උත්සාහය දරා ඇත. අවමංගල උත්සවයට පැම්ණි සිටි ඥාතින් වඳුරාගේ ක්රියාවෙන් විමතියට පත්වු අතර සියල්ලන්ගේ නෙතට කඳුලු එක්කෙරුණි
මඩකලපුව ජවුෆර් ඛාන්

popular news
-
Prabath Wednesday, 19 October 2022 08:51 AM
Menna minissu. Peethambaram Rajan saha Vandura.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

