කිලිනොච්චියේ නටබුන් ස්ථානයක් ඩෝසර් කරයි
කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16දා) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.
වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.
මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.
නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බව ප්‍රදේශවාසීහු පැවසූහ.



popular news
-
Champa Monday, 17 September 2018 01:35 PM
කෝ යකෝ මේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ උරුමය බාර ඇමතියෙක් නැතිද? ලංකාවේ සිංහල පිරිමි නැත්ද? ගහපියව් මුන්ට කොළොඹ ආවහම. ශ්‍රීධරන්, විග්නේශ්වරන් තව අනිත් TNA මන්ත්‍රීවරු එනවනේ මුන් කොළොඹ නැත්නම් දකුණේ පිරිමි උතුරට ගිහින් ගහපියව් මුන්ට. මුන් මුළු උතුරේම තියෙන බෞද්ධ නටබුන් සංහාරයක් කරයි ඊළඟ චන්දෙට ඉස්සෙල්ල. මේවා ගැන මහානායක හාමුදුරුවරු කතාවක් නැත්ද? එක්කෝ තමන් වහන්සේලා කතා කරන්න. නැත්නම් කතා කරන්න බය නම් ඥානසාර හාමදුරුවෝ නිදහස් කරන්න කියලා ආණ්ඩුවට කියන්න. එතකොට අඩු ගානේ ඥානසාර හාමුදුරුවොවත් කතා කරයිනේ.
Reply : 221 274
Perakum Monday, 17 September 2018 09:44 PM
කොහෙද චම්ප මේ රටේ සිංහල බෞද්ධ කියල කට්ටියක් ඉන්නවද...? සිංහල කියල ජාතියක් කොහෙද ඉන්නේ...? සැබෑ බෞද්ධයෝ ඉතා ස්වල්ප දෙනෙක් නම් ඉන්නවා. ඒ නිසා රටේ ඉතිහාසය සංස්කෘතිය අනන්‍යතාවය රැකගන්න කවුරුත් නෑ.
Reply : 30 1
බන්ඩාර Friday, 21 September 2018 01:08 PM
සිංහල උරුමය රකින්න සිංහල නායකයො නැහැ බලයට ලොභ කම නිසා සියලුදෙනා අන්ද වෙලා...... අපේ දරුවන්ට අනාගතයක් ඉතිරි වෙන එකක් නැහැ......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

