කාන්තා පොලිස් බාධකය සාර්ථක වෙයි
පොලිස් නිලධාරිනියන් යොදාගෙන විරෝධතා පාගමනක් ඉදිරියට යෑම වැළැක්වීමට අද (04දා) දිනයේදී පොලීසිය කටයුතු කළේය.
රජයේ විධායක සේවා නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ පාගමන පොලිස් නිලධාරිනියන් යොදාගෙන ඉදිරියට යෑම වැළැක්වීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.
අනතුරුව අදාළ සංවිධානවල නියෝජිතයෝ එම ස්ථානයේදී විරෝධතා රැලියක් පවත්වා විසිරී යෑමට කටයුතු කළහ.
විරෝධතා පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට ලෝටස් පාරේදී මාර්ග බාධක යොදා තිබූ අතර, එයට ඉදිරියෙන් පොලිස් නිලධාරිනියන් රඳවා තිබිණි.
මෙයට පෙර අවස්ථා දෙකකදී මෙම ක්‍රමය සරසවි සිසු විරෝධයකදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා

























popular news
-
කමලසිරි Saturday, 06 April 2019 11:51 AM
පොලිසියේ බොහෝ උදවිය අටවත් පාස් නොකරපු බව හැමෝම දන්නවා. නමුත් ඔවුන් පහර දෙන්නේ රටේම ඉන්න උගතුන් පිරිසටය්. ලංකාව මේ විදියට නම් දියුණු කරන්න බැරි වේවි.
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

