ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
නව තාක්ෂණය සමග යමින් චිත්‍ර ශිල්පය පවා වර්තමානයේ අලුත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. එච් සරත් මහතාගේ කලා දිවියේ පනස්වැනි වසර සනිටුහන් කරමින් පැවැති SH FIFTY චිත්‍ර ප්‍රදර්ශනය ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“අපි අද ඉන්න යුගය චිත්‍ර ශිල්පී සරත්ගේ යුගයට වඩා වෙනස්. අද අලුත් තාක්ෂණය ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම ජංගම දුරකථනය, ටැබ් එක, අයිපෑඩ් තිබෙනවා. තමන්ට චිත්‍ර ශිල්පියෙකු වෙන්න තාක්ෂණය මම හිතන විදිහට මීට පෙර නොතිබුණු ලෙස තිබෙනවා. ඒ වගේම ඡායාරූප චිත්‍ර එකින් එක මිශ්‍ර වෙනවා.
අපි අද අලුත් යුගයක ඉන්නේ. අලුත් විදියට භාෂාව පාවිච්චි කරන්නේ. ඒවා කරන ගමන් මෙන්න මේ චිත්‍රත් අපි ආරක්ෂා කරන්න ඕන. තාම මේවා අලුත් චිත්‍ර. සාම්ප්‍රදායික චිත්‍රත් තිබෙනවා. කලාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කලාවේ පරිවර්තනය නවත්වන්න බැහැ. ඒත් ඒ හැම යුගයකම ඉන්නේ දක්ෂ කලාකරුවන්ට අතදෙන ගමන්, දැන් ඉන්න තරුණ කලාකරුවන්ට අත දෙන්න කියලා තරුණ සේවා සභාවට හා සාගල රත්නායක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
ජායාරූප - ඉසුරු පෙරේරා
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd