කටුනායක පිටත්වීමේ පර්යන්තයට ස්වයංක්‍රීය නිශ්කාශන යන්ත්‍ර
කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .
මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිය අරමුදල් ආයෝජනය කර තිබේ .
ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර මගින් ගුවන් මගීන්ට තම ආසන තෝරා ගැනීම (Seat Selection) , ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය මුද්‍රනය කර ගැනීම ( BoardingPass Printing ) සහ ගමන් මලු ටැග් පත මුද්‍රනය ( Bag Tag Printing ) කර ගැනීම යන කාර්යයන් තුනක් ඉටු කර ගත හැකිය'
ඉන්පසු එම ගුවන් මගීන් ස්වයං සේවා ගමන් මලු භාර දීම ( Bag Drop ) යන්ත්‍රය වෙත ගොස් ගමන් මලු භාර දීම සිදු කර ආගමන විගමන නිශ්කාශන කටයුතු සදහා පිටත්ව යා හැකිය .
මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතිය මගින් ගුවන් මගීන්ට විනාඩි 05 ක් වැනි කෙටි කාළයක් තුළ සිය ගුවන් තොටුපොළ රාජකාරී නිමා කර අදාල ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව හිමි වේ .
මෙම ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් මගීන්ට පමණක් පහසුකම් හිමි වන අතර ඉදිරි කාළයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අනෙකුත් ගුවන් සේවා සදහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මසකට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන් 550,000 ක් සහ ඔවුන්ගේ ගමන් මලු මෙහෙයුම් කටයුතු සිදු කරති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
