උමා ඔය ඉදිකිරීම් අගෝස්තු මස නිමකරන්න - ජනපති
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ
ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92% ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දුන්නේ ය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (22දා) එක් වෙමිනි.
මෙරට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමා ඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 535 කි.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.








ජලාශයේ ප්‍රධාන උමගේ ඉදිකිරීම් ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණට ලක් විය.
ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර එම ඉදිකිරීම් ද ජනාධිපති නිරික්ෂණය කරනු ලැබීය.
පාරිසරික බලපෑම් පිළිබඳ නිසි ඇගැයීම් සිදු කරමින් සහ නිරන්තර අවධානය යොමු කරමින් ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
popular news
-
chathuri Saturday, 23 February 2019 07:13 PM
පුළුවන් ඉක්මනට ඉවර. කරන්න ,මහන. ඇදුමක් වගේ. වැඩක්. නෙමේ , ලොකු. ව්‍යාපෘතියක් කලින්. ලොක්කොත් නම. දාගන්න. ලොකු දේවල්. ඉවර කෙරුව. පැරදිලා. යන්නත්. කලින් කැලි ගැලවෙනවා ලොක්කන්ට මෙහි. වැරදි. පෙන්න. ඒ. ගැන. දැනුමක් තියෙන්න. ඕන. අපේම. රටේ. විශේයන්ච. වරු විදේශ. රටවල. ඉන්නවා ඒ කෙනෙක්. කදවන්න ඒ අය හරි. වර්රැද්ද තේරුම්. කරලා. දෙයි. බිලියන ගණනින්. මුදල්. යොදවල. කරන. දේවල්. නිකම්. කාලය. කා දමන. වැඩ මේ මෙයට මෙහිවැඩකරන ඉංජිනේරු මහතුන්ගේ සේවකයින්ගේ. නම් වලින්. ලස්සන. නමක්. යොදන්න අතිගරු කැලි අයින්. කරන්න මේසේරම ජනතා. මුදල්. කලින් ලොක්ක දෙමව්පියන්ගේ සොහොනට ත්. මෙවැනි ලොකු මුදලක් යට. කෙරුව ගමක්. හදන. සල්ලි. මොලයක් නැති හොන්චයියල කරන්නේ. ඔය වගේදේවල්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

