උතුරෙන් නව කොරල්පරයක් සොයා ගනයි
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.
උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධික්ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙම කොරල්පරය සොයා ගැනීමට සමත්වී ඇත. මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇත.
සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකිය.
ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වේ. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල් පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටී.




popular news
-
Champa Sunday, 07 July 2019 10:43 AM
හොඳ සොයා ගැනීමක්. නාවුක හමුදාව කොරල් පර සංරක්ෂණය කරන්න පියවර අරන් තියෙන එක ගැන සතුටුයි. මේක හොයාගෙන තියෙන්නේ කන්කසන්තුරේ වරාය ලඟින් කියල තියෙනව. මම අහල තියෙනව කතාවක් ඉස්සර ඉන්දියාවයි ලංකාවයි අතර මුහුදු තීරයේ මුහුද යට දිගටම කොරල් පර තිබිල තියෙනවා කියල. හනුමන්ත පාලමක් හැදුව කිව්වට පාලමක් හදල නැහැ මුහුද උඩින් ගල් දැම්ම කිව්වට ඇත්තටම මේ කොරල් පර උඩින් තමයි ගල් දාල තියෙන්නේ. ඉතිහාසය කියන විදිහට කන්කසන්තුරේ වරාය තමයි ඉස්සර තිබ්බ දඹකොළ පටුන. පාවිච්චි කරලා තියෙන්නේ ගමනාගමනයට විතරයි. ඒ කියන්නේ embarkation, disembarkation වලට. අපිට කවදාවත් අපේ ඉපැරණි දේවල් ගැන හොයන්න ආරක්ෂා කරනන් උවමනාවක් තිබුනේ නැහැ. නැත්නම් ඔතන තියෙන්නේ ලොකු ඉතිහාස කතාවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

