ඉරණමඩුව ජලාශයේ තිබූ ඩි.එස්. හා ඩඩ්ලිගේ නාමපුවරුව ඉවත් කරලා?
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සදහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇති බවයි.
කිළිනොච්චිය ඉරණමඩුව ජලාශය ප්‍රතිසංස්කරණය කොට පසුගියදා නැවත විවෘත කිරීමේ වැඩසටහනට අදාළව අදාළ නාම පුවරුව ඉවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිලධාරීන් විමසීමේදි අදාළ නිලධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කළ අතර, නව පුවරුවක් ඉදිරියේදී සකස් කොට ස්ථාපිත කිරීමට නියමිත බවයි.
ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අතර එහිදි නව සමරු ඵලකයක්ද විවෘත කරනු ලැබීය.
මාධව කුලසුරිය/මධුශංක අමරසූරිය




popular news
-
Champa Monday, 10 December 2018 04:52 PM
මටත් මේක දැන ගන්න ලැබුන. ඉතිහාසය වෙනස් කරන්න හදපු මුග්ධ වෑයමක්. පරණ පුවරුව අයින් කරන්න දෙයක් නැහැ. අනිත් එක ඒකේ වටිනාකම තියෙන්නේ පරණ වෙච්ච පුවරුවේ තමයි. එතකොට තේරෙනවා ඒක ඒ කාලේ විවෘත කරනකොට හදපු එකක් කියලා. පරන පුවරුව වෙනුවට අලුත් පුවරුවක් දැම්මොත් ඒක අලුත් පාටයි. කිසි වටිනාකමක් නැහැ. ඉරණමඩු විවෘත කරපු ජනාධිපතතුමා ඒකේ ඉතිහාසය අමතක කරලා උවමනාවෙන්ම. ඔය වගේ වැඩ මම හිතන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාටත් තිබුන.
Reply : 0 32
Nandana Monday, 10 December 2018 05:23 PM
අල්ලුතින් විවෘත කලත් පරණ ඒවා නැවත ඕන ,පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැ
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

