ඉන්දියාවේ ‘ජමුනා’ කොළඹට
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දිගින් මීටර් 86 ක් සහ ටොන් 1920 ක ධාරිතාවයකින් යුත් ‘ජමුනා’ නෞකාව 2020 අප්‍රේල් 03 වන දින දක්වා ලංකාවේ රැදී සිටීමට නියමිතය.
කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ ජල විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එච්ඒ හාඩස් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වීය.




popular news
-
Champa Thursday, 06 February 2020 06:10 PM
ලැජ්ජයි. මේ නැව ඇවිල්ල තියෙන්නේ ජල විද්‍යාත්මක සමීක්ෂණයක් කරන්න. මේක ලැස්ති කලේ වහල් ආණ්ඩුව. ලෝකේ කිසි රටක් තමන්ගේ රටේ මේ වගේ සංවේදී තොරතුරු වෙන රටවලට ගන්න ඉඩ දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ලැජ්ජයි හතර වටෙන්ම මහ මුහුදෙන් වටවෙච්ච අපේ රටේ අපේ නාවුක හමුදාවට මුහුදු ජල ආශ්රිත (hydro-graphic/oceanographic) මිනුම් ක්‍රමවලට අදාළ කිසිම තාක්ෂණයක් නැතිකම ගැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
