ආර්ථිකය හා දේශපාලනය ගැන ජනපති මහ නාහිමිවරුන්ට කරුණු කියයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26දා) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළේය. මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විචාළේය.
මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තේය.
රටේ වර්තමාන දේශපාලන, සමාජ හා ආර්ථික තොරතුරු රැසක් පිළිබඳව මහා නායක, අනු නායක ස්වාමීන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබිණ.



-
Kumar Sunday, 27 June 2021 07:11 AM
loku hamuduruwo arthikaya gana danne nathi bawa kavuda nodanne,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
