ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කොළඹදී හමුවක
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවිධානය කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් මේ සඳහා එක්වුණා.
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම අවස්ථාවට එක්වුණා.
අද වන විට මුළු රටම මහත් අන්ධකාර ව්‍යසනයක් වෙත ගමන් කරමින් තිබෙන බවත් එය වහා නතර කොට රටම ආලෝකය කරා රැගෙන යෑමට සියලු පාර්ශව එකට එක්වී අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා.
අද රටම ඉල්ලා සිටින්නේත්, මුළු රටම බලාපොරොත්තු වන්නේත් පෞද්ගලික බල තණ්හාවෙන් පිරුණු අරමුණු මත හඹායාම නොවන බවත්, පටු අපේක්ෂාවන් පැත්තකින් තබා ඒකායන තිරසාර අරමුණකින් එකට එක්වී කටයුතු කිරීම බවත් ඔහු සඳහන් කළා.






popular news
-
Anura Nanayakkara Wednesday, 21 July 2021 09:24 AM
What a joker is Sajith. Here in party room he wears all the available protective gear to get protected from Corona Virus. But he goes out at the crowded times and hold protest meetings at very crowded places. Sajith 's reckless meetings expose the general public to dangerous Covid Virus. Sajith is not a suitable man to leadership
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

