අලෙවිසැල කැඩූ සැකකරු තෙවැනි ඇසේ
අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල්ගෙරැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද (15දා) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
සැකකරු විසින් වෙළදසැලේ ප්‍රධාන වීදුරු දොරට දැඩි හානි සිදු කර මෙම සොරකම සිදුකර තිබේ. තවද ඒ අසළ තවත් වෙළඳසැල් 2ක දොර යතුරු කඩා ඇති අතර ඒවාට සැකකරු ඇතුල් වී නොමැති බව පොලිසිය පවසයි.
තනි පුද්ගලයෙක් ලෙස පැමිණෙන සැකකරු පොල් ලෙලි ගසන පොල් උලකින් ප්‍රධාන වීදුරු දොර කඩා වෙළඳසැලට ඇතුල් වන ආකාරය ආයතනයේ සවිකර තිබු සීසීටීවී කැමරාවල පටිගතවී ඇත.
මෙම සීසීටීවී දර්ශනවල සිටින පුද්ගලයා මීට පෙර තංගල්ල රන්න හුංගම යන ප්‍රදේශවල ද වෙළඳසැල් කඩා ඇති බව සීසීටීවී දර්ශනවලින් හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

