අලි ආදරයක්
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු ඊයේ (12 දා) සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.
දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් විසින් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත්වහාම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය රැගෙන ගොස් ඇත.
තම මවගෙන් අතරමං වූ මෙම අලි පැටියා සිහිසුන්ව වැටී සිටි ඇති බවත්, ඒ පිළිබඳ ගම්වාසීන් දැනුම් දීමත් සමග තමන් එම ස්ථානයට ගොස් වහාම අලි පැටියා කරමත තබාගෙන කිලෝමීටර් තුනක් පමණ දුර පයින් රැගෙනවිත් වාහනයට පටවා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට පියවර ගත් බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ. ඩී. ජානක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම අලි පැටියා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීන් සඳහන් කළහ.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාල ට භාර දුන් එම අලි පැටියාගේ තත්ත්වය සාමාන්‍ය අත්ට හැරෙමින් පවතින බවත් මව ගෙන් කිරි නොමැතිව දින කිහිපයක් එම අලියා සිට ඇති බවත් වනජීවී නිලධාරීන් සඳහන් කළේය.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් එම අලි පැටියට ප්‍රතිකාර කරමින් සිටින වැලිකන්ද අඩවි ආරක්ෂක කේ. ඩී. ජානක මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවසීය.
මනම්පිටිය නිමල් ජයරත්න




popular news
-
Kumar Tuesday, 15 February 2022 02:33 AM
lankawe bohoma gunadharma nithiwegana yana mohothe sathwa karunawa athi goonawath aya innawaga pennewa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

