අපිට බැරිවුණ දේ ජපානයේ සහායෙන් බංග්ලාදේශය කරයි
ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.
බදාදා දිනයේදී මෙම විවෘත කිරීම සිදුවූ අතර එය එම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වෙයි. බංග්ලාදේශයේ ජනාකීරණ නගරයක් වන ඩකා අගනුවර මාර්ග තදබදය අවම කිරීම ඇතුළු ප්රතිලාභ ගණනාවක් මේ හරහා බංග්ලදේශයට ලැබේ.
ජපානයේ ජයිකා ආයතනය මේ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේය.
මෙම සැහැල්ලු දුම්රිය සේවය 2030 වන විට දුම්රිය ස්ථාන 100කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.
පළමු අදියර වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් බිලියන 2.8 කි.ඒ සඳහා JICA ආයතනය අරමුදල් ලබාදුන්නේය.
මේ යටතේ සෑම පැයකටම පුද්ගලයින් 60,000 කට සේවය ලබාදීමට අපේක්ෂා කරයි.
ජපානයේ ජයිකා ආයතනය මගින් ලබාදෙන සහන ණයක් යටතේ ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මෙවැනිම ආකාරයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් පසුගිය යහපාලන රජය සමයේ ආරම්භ කළත් ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී එය අත්හිටුවීමට කටයුතු කළේය.





popular news
-
Dayan Thursday, 29 December 2022 06:08 AM
This is what we lost because of bringing in dumb Gotabhaya by our donkeys.Not only that a compensation of large some has to be paid on this dumb decision. He has left country. Do not come to our country again.
Reply : 0 0
Kumar Thursday, 29 December 2022 04:38 PM
modayo rajakamata path karana lankawata Japanaya nawatha warak maywani deyak dunnoth pudumayak.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

