අඩම්පන් පොලිස් ගොවියෝ සිය කුඹුරේ අස්වැන්න නෙළති
රටේ වත්මන් අර්බුදයට යම් අස්වැසිල්ලක් ලබාදෙමින්,මන්නාරම අඩම්පන් පොලිස් ගොවියෝ සිය අක්කරයක කුඹුරේ කීරි සම්බා අස්වැන්න ඊයේ (28දා) නෙලා ගනු ලැබූහ.
ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාගේ සංකල්පයකට අනුව,පොලිස් ස්ථානයට අයත් අක්කරයක වගුරු බිම මෙම කන්නය සදහා ඔවුහූ අස්වැද්දූ හ.
මේ පිළිබදව අදහස් දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ,කාලයක් වැඩකට නොගෙන අත්හැරදාලා තිබුණු අක්කරයක පමණ වගුරු බිම අපි අස්වද්දන්න තීරණය කළා.අපේ පොලිස් නිළධාරීන් අතර හොඳ කැපවීමක් තියෙන දක්ෂ ගොවියෝ සිටින බව මම ඒ වෙනකොට තේරුම් අරගෙන හිටියේ.ඔවුන් තම රාජකාරියට අමතරව, තම්න්ගේම කුඹුරේ වගේ මහන්සියෙන් වැඩකළා.පොලිස් නිළධාරිනියන්ගේ සහායත් ලැබුනා.අපේ මහජන සම්බන්ධතාවත්, ජාතීන් අතර සහජීවනයත් නිසාම, අසල්වැසි සිංහල මුස්ලිම් දමිළ ගොවි සංවිධානවල ආශිර්වාදයත් අපිට ලැබුනා"
කාබනික පොහොර හා පොලිස් රන් දහදියෙන් සරු අස්වැන්නක් ඔවුහූ නෙලාගෙන ඇත.
සියලු අස්වැන්න අඩම්පන් පොලිසියේ සුබ සාධනයට වැය කරන බැව්,පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පැවසුවේ ය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි




popular news
-
Priyantha Tuesday, 29 March 2022 06:39 AM
This is what happened to SRI LANKA. Police failed to identify their job role. Your job is maintaining LAW
Reply : 0 0
Upul Sunday, 03 April 2022 05:46 AM
True. This is not their responsibility. It is an extra activity after fulfilling their duties. I don't see anything wrong with this kind of activity by the Police or armed forces.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

