ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.
විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල ඉරිඟු හේන් සියල්ලම මේ දිනවල දැඩි සේනා දළඹු ප්‍රහාරයකට ලක් වෙමින් තිබුණ ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු නොවන බවත් වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීන් පවසති.
හොරිවිල බඩ ඉරිඟු ගොවින් කියා සිටියේ බීජ සහ බිම් සැකසීම සඳහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් බඩ ඉරිගු වගාව අක්කර 1500 ට වඩා සිදු කර තිබෙන බවය. මේ වන විට සියලුම ගස් සේනා ප්‍රහාරයට ලක්වෙමින් විනාශ වෙමින් යන බවත් දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහරය වළක්වා නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.
popular news
මෝටර් රථ සඳහා සැඟවුණ දොර හැන්ඩ්ල් චීනය තහනම් කරයි
ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ඇමෙරිකාව සමග ඉන්දියාව තීරුබදු ගැන එකඟතාවට එයි, රුසියා තෙල් මිලදි ගැනීම නවතියි
නාමල්ට දින කිහිපයක් දුන්නනම් පහසු වෙයි
විගණකාධිපති ධුරය ගැටලුව අවසන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd