ADA
www.ada.lk
2025 අගෝස්තු මස 04 වන සඳුදා
ලෝක කුසලානයට හා ආසියානු කුසලානයට එක්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ව අභිප්‍රේරණය කිරීමේ සැසියක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්විණි.
අභියෝග හා ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී කරුණු හුවමාරු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මග පෙන්වීම අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ සුමතිපාල මහතා පැවැසුවේ, මිලියන විස්සක ජනතාවගේ එකම බලාපොරොත්තුව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම බවත්, ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම නම්කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
"ක්‍රිකට් ආයතනය වර්තමානයේ මූලිකත්වය දෙන්නෙ ජාතික කණ්ඩායමට. අපි අපේක්ෂා කරනවා ආසියානු හා ලෝක කුසලාන තරගාවලියට ශක්තිමත්ව අවතීර්ණ වෙන්න. ඒ සඳහා පළමුව සුදුසු නායකයා ලෙස මාලිංගව තෝරාගත්තා. ඔහුත් එක්ක එකතු වෙලා, ඔහුට සහයෝගය ලබාදෙන හොඳම 14 දෙනා කවුද කියලා අපි සැලසුම් කළ" යැයි පැවසීය.
මෙම අවස්ථාවට ආසියානු හා ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන සියලුම ක්‍රීඩකයන් සහභාගි වී සිටි අතර, ඔවුන්ව දිරිගැන්වූ සුමතිපාල මහතා, "අපි දන්නවා හැමෝගෙම ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් තමයි ලෝක කුසලාන තරගාවලිය. නමුත් ලෝක කුසලානයක් ආසන්න කාලයේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විට තිගැස්මක් තියෙනවා. ඒ නිසා පසුගිය වසර කිහිපයක සියලු දත්ත එක්ක මේ කණ්ඩායම නම්කරලා තියෙන්නේ. මිලියන විස්සක් ඉන්න රටක වාසනාවන්ත ක්‍රීඩකයන් 15 දෙනා ඔබ.
රටේ විශාල බලාපොරොත්තුවක් තියෙන ක්‍රීඩාවක ප්‍රයෝජනය ඔබ ගතයුතු වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න අයට වඩා ක්‍රීඩාව ගැන විශාල දැනුමක් ප්රේක්ෂයන්ට තියෙනවා. ඒ සියල්ලන්ගේ අහිංසක බලාපොරොත්තුව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම.
මුහුණදෙන සෑම පන්දුවක්ම අභියෝගයක්, තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. අපි මාලිංගත් එක්ක කථා කළා පරිපාලකයක් හැටියට අපි ඔහුව ශක්තිමත් කරන්න උපරිම සහයෝගය ලබාදෙනවා. නමුත් ඔයගොල්ලෝ සහෝදරයන් වගේ ක්‍රීඩා නොකළොත් කණ්ඩායමට අවශ්‍ය ශක්තිමත් පසුබිම හදන්න බැහැ" යනුවෙන් පැවසීය.
popular news
දිවිනසාගත් යටිනුවර සභාපති ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 50ක් අරගෙන නෑ
කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ
විරාජ් තාඹුගලගෙන් හා පියුමි හංසමාලිගෙන් රු. කෝටි 42ක ’බදු පොල්ලක්’
අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න
දකුණු කොරියාව ඇමෙරිකාවේ බද්ද සියයට 25 සිට සියයට 15ට අඩුකර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd