S13 දුම්රිය ශ්රී ලංකාවට පැමිණෙයි
ශ්රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ. මෙම දුම්රිය ඉදිරියේදී ශ්රී ලංකාවේ මගී ප්රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතය.
දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වෙයි. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි.
නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද මෙයට ඇතුළත් කර තිබේ. ශ්රී ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පොදු ප්රවාහනය සඳහා යොදවන මෙම දුම්රිය රැක බලා ගැනීම සියලු දෙනාගේම වගකීමකි.
Photos - RDMNS / දුම්රිය මගීන්ගේ නිල සමූහය ෆේස්බුක් පිටුවෙනි







popular news
-
Kumar Monday, 03 December 2018 10:25 PM
තව ටික දිනකින් ඔය දුම්රිය මැදිරි තුල ඇති දේ කුඩුපට්ටම් කරනබව කියන්න උවමනා නැහැනේ. ඔය "S" අකුර දමල තිබෙන්නේ ඉංග්රීසියෙන් හෙමින් කියන එකටකද?
Reply : 0 1
S.GUNASENA Friday, 07 December 2018 07:14 AM
it's very not good.it's. on first page advertisment..it very diffcult. in my eyes
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

