CID දෙදෙනෙක් රටින් පිටව යෑමේ සූදානමක් - විමල්
පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත්, මෙම දෙදෙනා පවුල් පිටින් රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය ආණ්ඩුවට උවමනා ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකු මේ වන විට රටින් පැනගොස් තිබෙන බවද, ඒ සඳහා පසුගිය ආණ්ඩුව සහය ලබාදී තිබෙන බවද ඔහු කියා සිටියේය.
අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ




popular news
-
R.M APPUHAMI Monday, 25 November 2019 05:11 PM
විමල් මහත්තයෝ, ඉතුරු ටිකට් හුරගෙන කන්න පුළුවන් දැන් රාජපක්ෂ ල එක්ක, නෝනා පරිස්සම් කරගන්න අමටක කරන්න epa
Reply : 2 2
Champa Monday, 25 November 2019 11:37 PM
හ්ම්ම්ම්ම්ම්ම් "කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන සහ කර්මාන්ත" රටට වැඩක් කරන්න පුළුවන් හොඳ අමාත්‍යංශයක්.
Reply : 0 1
Daham Tuesday, 26 November 2019 12:08 AM
පිරිත් නුල් අත පිරෙන්න බැඳ ගෙන ඇමතිකම කරන්නේ .
Reply : 1 1
Champa Tuesday, 26 November 2019 09:52 PM
Daham මොකක්ද ඔයාට තියෙන අමාරුව පිරිත් නූලක් බැන්දහම? පිරිත් නූල පටන් ගත්තේ ජම්මුද්වීපයේ විශාලා මහනුවර දුර්භික්ෂයක් ඇති වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ වතුර කලයකුයි සුදු පැහැති නූල් පන්දුවකුයි අරගෙන රතන සූත්‍රය දේශනා කරමින් විශාලා නුවර පුරා ඇවිද්ද එකෙන්. තමුන්ට ආගමක් නැති නම් කට වහන ඉන්න. අනිත් මිනිස්සුන්ගේ ආගම් හාස්‍යයට ලක් නොකර. බුද්ධාගම අදටත් රැකිලා තියෙන්නේ බුද්ධාගම සම්බන්ධ වත් පිළිවෙත් සහ චාරිත්‍ර වාරිත්‍ර රකින බෞද්ධයන් ඉන්න නිසා. මට තියෙන ප්‍රශ්නේ පිරිත් නූලට තියෙන අමාරුව ක්‍රිස්තියානි ආගමිකයන් කුරුසේ අඳින එකටයි, මුස්ලිම් ජාතිකයන් පල්ලි යනකොට තොප්පි අදින එකටයි, හින්දු ජාතිකයන් කෝවිලට ඇතුළු වෙනකොට උඩට ඇඳන් ඉන්න කමිසේ ගලවන එකටයි නැති එක.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

