#එකටසිටිමු ඇරඹෙයි
එක්ව සිතන්න, එක්ව හැදෙන්න, තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු #එකටසිටිමු, ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පස්වරුවේ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.
මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.
අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර, යුද හමුදා තුර්ය වාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුළු විවිධ සංස්කෘතික අංග රැසක් ඊට එක් කර තිබුණි.
එකට එක්ව යන ගමනට සියලූ ශ්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින් , #එකටසිටිමු සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිස විසින් ජනාධිප වෙත පිළිගැන්වීය.














popular news
-
Don Thursday, 14 February 2019 07:58 PM
එකට ඉන්න කතාකරන්නේ එහෙම ඉන්න බැරිම පුද්ගලයා. රනිල් අගමැති උනොත් පැයක් වත් ඉන්නේ නැහැ කිව්වට බලයට කෑදර කවුද කියල රටම දන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

