ADA
www.ada.lk
2025 අගෝස්තු මස 27 වන බදාදා
වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූ හැටදෙලක්ෂයකගේ ජනතා පැතුම්වලට ඇහුම්කන් දීමට ආණ්ඩුවට සිදුවන බව සාධාරණ සමාජයක් සංවිධානයේ සාමාජික පූජ්‍ය දබර අමිල හිමියෝ සඳහන් කළහ.
හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය අද විහාරමහාදේවී උද්‍යානයේ පැවැති ජනතා සත්‍යග්‍රහයට එක්වෙමින් අමිල හිමියෝ මේ බව පැවසූහ.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකක් සපිරුණුද, රජය බලයට පත්වන අවස්ථාවේ දුන් පොරොන්දු ඉටුකරන ලෙස රජයට බලකරමින් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබිණි.
පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ වංචා, දූෂණ විමර්ශනය කර දඬුවම් ලබාදීම ජනතා අභිලාෂය බවත්, එය සිදුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වී ඇති බවත් අමිල හිමියෝ ප්‍රකාශ කළහ.
වසර දෙකක් ගතවීමෙන් පසු හෝ ජනතා හඬට ඇහුම්කන් දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
සමාජ සංවිධාන, දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති, කලාකරුවන්, වෘත්තිකයන් ආදී විවිධ පිරිස් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනාට ලැබුණු තීන්දුව මෙන්න
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd