හම්බන්තොට වරායේ චීන කොඩිය එසවේ
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය දෙසැම්බර් 09 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරා දීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය අද (01දා) පෙරවරුවේ මාගම්පුර වාරයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඔසවන ලදී.
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුණේ අනෙක් කොඩි කණුවලට වඩා අඩි එකහමාරක පමණ උසිනි. නමුත් මීට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වනසේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබූ කොඩි කණුව උසින් අඩුකර තිබේ.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වාරයේ හිටපු සේවකයන්ගේ දෙමවුපියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය අද (01දා) දිනයට 42 වැනි දිනයටත් පැවැත්විණි.
එමෙන්ම සත්‍යග්‍රහයේ නියැළෙමින් සිටින තම දෙමවුපියන්ට සහයෝගය දක්වමින් එම ස්ථානයේ රැඳී සිටින මාගම්පුර වරායේ හිටපු සේවකයන් කිරිබත් වෙනුවට කොස් තම උදෑසන ආහාරය ගන්නා අයුරු දක්නට ලැබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










