ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා
සයිටම් ආයතනය වහාම අහෝසිකර දමන ලෙස ඉල්ලා අද (08දා) දින අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පාගමන් හතරක් පවත්වා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.
මෙම විරෝධතා පාගමන් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක්ද සහභාගි වී තිබිණි.
විරෝධතා පෙළපාළි වත්තල, දෙහිවල යන නගරවලින් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ විය.මේ නිසා එම මර්ගවල දහවල් 11.00 සිට දැඩි මාර්ග තදබදයක්ද ඇති වී තිබිණි.
මාර්ග හතරකින් පැමිණ විරෝධතාකරුවෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා රැලියක් පැවැත්වූහ.
මාර්ග හතරකින් විශාල පිරිසක් පැමිණීම නිසා කොළඹ නගරය පුරා දැඩි රථවාහන තදබදයක් ඇතිවිය. එමෙන්ම කාර්යාල නිමාවන වේලාවේ දී කොටුව දුම්රියපොළ අවට මාර්ගය අවහිර වීම නිසා නිවෙස් බලා යෑමට පැමිණි මගී ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්විණි.
popular news
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ලෝක විවාහක රූ රැජින කටුනායකට
2025 ලෝක රූ රැජිනට ටිෂානි පෙරේරා අපෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd