ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය එක්ව අද (02දා) සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
කොළඹ වෛද්‍ය විද්‍යාලය අසලින් විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබූ අතර එය මරදාන, කොළඹ කොටුව හරහා ජනපති ලේකම්කාර්යාලය වෙත පාගමනින් යෑම සඳහා සැලසුම්කර තිබුණි. ඒ අනුව කොළඹ කොටුවට පැමිණි සරසවි සිසුහු එහිදී විරෝධතාවේ නිරත වූහ. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පැවැතියේය. ඒ හේතුවෙන් මාර්ග කිහිපයකම වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ඉන් අනතුරුව විරෝධතා කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම සඳහා ගමන් ආරම්භ කළ අතර ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා පොලීසිය, කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිස් මාර්ග බාධක ලෝටස් වටරවුමේ දමා තිබුණි. කෙසේ වෙතත් සරසවි සිසුහු එම මාර්ග බාධක බිඳිමින් ඉදිරියට ගමන් කළහ.
එය වැළැක්වීම සඳහා අධිපීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එය පැයක පමණ කාලයක් පැවැතියේය. කෙසේ වෙතත් විරෝධතා කරුවන් එම ප්‍රහාර මැඬගෙන සිටි හෙයින් ඔවුන් විසුරුවා හැරීමට පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ගනු ලැබීය. විශේෂ කාර්ය බළකා සෙබළුන් විරෝධතාකරුවන් පලවා හැරීමත් සමග පාගමන අවසන් කෙරුණි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd