ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
චමින්ද දරිජු හා සහාය රියදුරු දිමුතු ප්‍රනාන්දුට සමස්ත ශූරතාව හිමි කරදෙමින් 2016 'මොන්ස්ටර් ටෙරේන්' (Monster terrain) උපරිම (Extreme) ෆෝවීල් ජීප් රථ ධාවන තරගාවලිය පසුගියදා (18දා) සෙල්ලකතරගම 'මොන්ස්ටර් ටෙරේන්' ධාවන පථයේදී නිමාවට පත්විය.
තරගකරුවන් 13 දෙනෙකු සහභාගි වූ මෙවර තරගාවලියේ පෙරමුණ හිමි කරගැනීමට චමින්ද දරිජු හා දිමුතු ප්‍රනාන්දු සමත් වූයේ තරගාවලියේ පැවැති ඉසව් තුනේදීම (SS1, SS2, SS3) උපරිම ලකුණු ප්‍රමාණය (100) ලබාගනිමිනි. ඒ අනුව ඔවුහු තරගාවලියේ අවසන් ලකුණු ප්‍රමාණය 300 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් වූහ.
එහි දෙවැනි ස්ථානය සමස්ත ලකුණු 280 (90, 95, 95) හිමි කරගත් සෙහාර තිළිණ හා ඔහුගේ සහාය රියදුරු රවිඳු ධනංජය විසින් හිමි කරගත් අතර, තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 261 (84,87,90) හිමිකර ගත් ප්රිනීත් මනම්පේරි හා ඔහුගේ සහාය රියදුරු වූ චානුක ආටිගල හිමි කරගත්හ.
කෙසේ වෙතත් මෙහි අවසන් අදියරේදී වඩාත් සාර්ථක ලෙසින් තරග කරන ක්‍රීඩකයාට පිරිනැමෙන 'Monster Driver' සම්මානය හිමි වූයේ වජිර ධර්මන්ටයි. 'එක්ස්ට්‍රීම් ෆෝවීලර්ස්' ක්‍රීඩා සමාජයේ සංවිධානත්වයෙන් යුතුව මෙය පැවැත්විණි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd