ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කර සයිටම් නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි.
ආණ්ඩුවේ මර්දනයට, සිරගත කිරීම්වලට හෝ තුවක්කුවලට බියෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් නවතා නොදමන බවත්, සයිටම් අහෝසි කර නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රැක ගන්නා තෙක් සටන් ක්‍රියාමාර්ග දියත් කරන බවත් එම සංගමයේ වැඩ බලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ අවධාරණය කළහ.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා අද (21දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැති විරෝධතා රැලියට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස සහ දැනට ගැසට් කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම රැලිය පැවැත්වූ අතර, මේ සඳහා වෛද්‍ය පීඨ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහා වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd