ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
"ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්රණාම"සම්මාන උළෙල ඊයේ (20දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේදී ආදි විද්‍යාර්ථීන් 42 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ප්‍රදීප සම්මානයෙන් පිදුම් ලැබූහ.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද අමාත්‍ය එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර යන මහත්වරුන් ද ඇතුඑ විශිෂ්ටයින් රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, එහි ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරුන් ඇතුථ ආදි විද්‍යාර්ථීන් රැසක් මීට එක්ව සිටියහ.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd