www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකුගේ ඉඩමක් අද (26දා) අධිකරණ නියෝග මත පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් කැණීම් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ ඥාතිවරයෙකුට අයත් වීරකැටිය පල්ලේමුලන ප්‍රදේශයේ පොල් ඉඩමක් තුළ මෙසේ කැණීම් සිදුකෙරිණි.
අද පෙරවරු 10 සිට සවස 04 පමණ වනතුරු බැකෝ යන්ත්‍ර යොදා එම කැණීම් කටයුතු සිදුකෙරිණි.
වළවල් දෙකක් වශයෙන් කැණීම් සිදුකෙරුණද එමගින් කිසිදු දෙයක් සොයාගැනීමට නොහැකි විය.
අදාළ ඉඩම නෙවිල් වන්නිආරච්චි මහතාගේ බිරිඳගේ පවුලට අයත් එකක් වන අතර, ඒ තුළ නෙවිල් වන්නිආරච්චිගේ බිරිඳගේ පියාට අයත් සොහොනක්ද තිබේ.
මෙම අවස්ථාවට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රදේශයේ කඳවුරු කීපයක පොලිස් විශේෂකාර්ය බළකා මධ්‍යස්ථානවල නිලධාරීන් රාශියක් හා පොලීසිය, රහස් පොලිස් නිලධාරිහුද පැමිණ සිටියහ.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකාවේ තවත් දැවැන්ත යුද නැවක් මැදපෙරදිගට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd