ADA
www.ada.lk
2025 අගෝස්තු මස 04 වන සඳුදා
ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය හා එක්ව සංවිධානය කළ විජයබාහු මෝටර්ක්‍රොස් යතුරුපැදි ධාවන තරගාවලිය පසුගියදා (26දා) කුරුණෑගල බෝයගනේ විජයබාහු ධාවන පථයේදී නිමාවට පත්විය.
මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉශාන් දසනායක සම්මාන දිනාගත් අතර, හොඳම පිම්ම ඉදිරිපත් කළ ධාවකයා ලෙස යුද හමුදා සංඥා බළකාය නියෝජනය කළ බුද්ධික උෂාන් සම්මාන දිනාගත්තේය. ඊට අමතරව මෙවර තරගාවලියේ නැගී එන යතුරුපැදි ධාවකයා සම්මානය වයස 16 න් පහළ ඉසව්ව නියෝජනය කළ ඩී.එම්.ඩී. කල්හාරට හිමිවිය.
කෙසේ නමුත් පසුගිය වසර දෙකේ හොඳම පිම්ම ඉදිරිපත් කළ ක්‍රීඩකයා ලෙස මෙන්ම, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගත් ජපාන ක්‍රීඩක ටොමායා සුසුකිගේ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඔහුට සැලකිය යුතු දක්ෂතාවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. මෙවර තරගාවලිය සඳහා යතුරුපැදි ධාවකයක් 86 දෙනෙක් සහභාගි වූහ.
යතුරුපැදි ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමේ අරමුණින් 2000 වර්ෂයේදී මෙම තරගාවලිය ආරම්භ කළ අතර, මෙවර පැවැත්වූයේ එහි 14 වැනි අදියරයි. රට වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ නිරතව සිටින විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්රමුඛ අරමුණු වේ.
popular news
දිවිනසාගත් යටිනුවර සභාපති ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 50ක් අරගෙන නෑ
කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ
ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ එයි, තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
විරාජ් තාඹුගලගෙන් හා පියුමි හංසමාලිගෙන් රු. කෝටි 42ක ’බදු පොල්ලක්’
අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd