ලොරි - ත්රිරෝද අනතුරින් 3ක් මරුට
- 25 06 2017
- 10:16
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
අම්බලන්තොට ලුනම ප්රදේශයේදී අද (25දා) අලුයම 04 ට පමණ ටිපර් රථයක් ත්රිවිල් රථයක ගැටීමෙන් ත්රිවිල් රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව තිබේ .
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ වතුගෙදර ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් කතරගම යන අතරතුර වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් ත්රිවිල් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව හුංගම පොලිසිය පවසයි .
ත්රිවිල් රථයේ ගැටුණු ටිපර් රථයේ රියදුරු බෙලිඅත්ත මිරිස්වත්ත ප්රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
