ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා
සිල්රෙදි නඩුවට වැරදිකරුවන් බවට පත්ව වරස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පට යන මහත්වරුවන්ට කොන්දේසි සහිත ඇප නියම කිරීමට කොළඹ මහාධිරණය අද (20දා) නියම කළේය.
ඒ ඔවුන් ඉදිරිපත් කළ ඇප අයැඳුමක් සළකා බැලීමෙන් අනතුරුවය. තමන්ට දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවත් ඒ නිසා තමන්ට ඇප ලබාදෙන ලෙසත් සඳහන් කරමින් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන් නීතිඥයින් මාර්ගයෙන් ඇප අයඳුමක් ඉදිරපත් කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි. ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි.
popular news
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
උඩපන්දුවක් මරණය ගෙනෙයි
අදානි අත්හල සුලං කුරුල්ලාට කුරුල්ලනුත් හරස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd