ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කළ 'රොදර්හැම් සර්කිට් මීට් - 2016' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගිය ඉරිදා (23දා) නිමාවට පත්විය. වේග සීමාවන් රහිත උද්වේගකාරී තරග අවස්ථාවන්ගෙන් සමන්විත වූ මෙවර තරගාවලිය ප්‍රවේගකාරී මෝටර් රථ ඉසව් 11ක් හා යතුරුපැදි ඉසව් 06ක් ලෙස සමස්ත තරග ඉසව් 17ක් පැවැත්විණි.
මෝටර් රථ ඉසව් සඳහා ප්‍රමුඛතාවක් ගන්නා මෙම තරගාවලියේ මෙවර දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ඩැරින් වීරසිංහ සම්මාන දිනාගත් අතර, දක්ෂතම කණ්ඩායමට හිමි කුසලානය සියැට් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.
මීට අමතරව මෙවර තරගාවලියට වසර 38කට පසු මොටෝ ජීපී ඉසව්වක් ඇතුළත් කර තිබූ අතර, සිලින්ඩර් ධාරිතාව250 – 1000 කාණ්ඩයෙන් පැවැති එම තරගය ජයගැනීමට සොහෙල් ඩැනියල් සමත්විය. අවසන් වරට මෙරට මොටෝ ජීපී තරගයක් පවත්වා ඇත්තේ 1978 වසරේ කටුනායක ගුවන් හමුදා ධාවන පථයේ පැවැති තරගාවලියකදීය.
ත්‍යාග හා සහතිකපත් ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd