ADA
www.ada.lk
2025 අගෝස්තු මස 27 වන බදාදා
මොරගහකන්ද කළුගඟ නව ජලාශ දෙකේ ඉදිකිරීම් කඩිනමින් නිමවෙමින් පවතින අතර නව නගර ඉදිකිරීම් මෙන්ම නැවත පදිංචි කිරීම් හා නව විදුලි බලාගාරයේ වැඩ නිමවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.
මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා මාධ්‍ය කණ්ඩායමක් මේ ප්‍රදේශයට රැගෙන ගොස් සංවර්ධනය ගැන දැනුවත් කිරීමක් ජනාධ්පති මාධ්‍ය අංශය මගින් සංවිධානය කර තිබිණි.
මොරගහකන්ද ජලාශය මේ වනවිට කඩිනමින් පිරෙමින් පවතින අතර දැනට ජලාශයෙන් හතරෙන් එකක කොටසක් පිරී අවසන්ය. විදුලි බලාගාරයේ වැඩ 90%ක් අවසන් බවත්, ළගදීම මෙමගින් විදුලි පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමට හැකිබව ව්‍යාපෘති අධ්යක්ෂ ආර්.බී.තෙන්නකෝන් මහතා කියයි.
කළුගඟ ජලාශයේ ඉදිකිරීම් මේ වනවිට 60%කප්රමාණයක් අවසන් බව කියයි. නැවත පදිංචි කළ ගම්මානවල ජනතාව පවසන්නේ තමන් විශාල ආකාරයට ජල හිඟයකට මුහුණ පා ඇති බවය.
ජලාශවලට යටවන ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරය මේ දිනවල ලහිලහියේ ඉදිවෙමින් පවතින අතර රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලිද ඉදිවෙමින් පවතී.ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් නව නගරයේ ආරම්භ කර ඇත.
කාංචන ආරියදාස / ඉන්දික අරුණ කුමාර
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනාට ලැබුණු තීන්දුව මෙන්න
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd