මොරගහකන්දට තවත් ගඟක්
මොරගහකන්ද වාරි ව්‍යාපෘති ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ වැඩිම පිරිසක් ජලාශය නැරඹු අවස්ථාව ඉකුත් පොහෝ දින හා පසුදින (10-11) වාර්තා වූ බව ව්‍යාපෘති කාර්යාලය පවසයි.
උදෑසන කාලයේ සිට සවස්වනතුරු දින දෙකක් තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ව්‍යාපෘතිය නරඹා ඇතැයි මොරගහකන්ද වාරී ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා පැවසීය.
පවතින දැඩි අව් රශ්මිය පවා නොතකා දිවයිනේ නන්දෙසින් ජලාශය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් නාඋල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන්ද යෙදවූ බව පොලීසිය පවසයි.
ව්‍යාපෘතියේ ජලය පිරි ඇති ප්‍රදේශය මෙන්ම නැරඹුම් මධ්‍යස්ථාන අසල සිට ජනතාව මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා දැඩි උනන්දුවකින් රැඳි සිටියහ.
ව්‍යාපෘතිය නැරඹීම සඳහා පැමිණෙන සැමට මහජන සම්බන්ධතා අංශය තුළදී කිරි පැකට්ටුවක් හා බිස්කට් පැකැට්ටුවක් ලබාදීමට මහවැලි නිලධාරීන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.
ව්‍යාපෘතිය නැරඹීම සඳහා පැමිණි බොහෝ පිරිසක් පවසා සිටියේ, අධ්‍යාපනික වශයෙන් බොහෝ තොරතුරු මෙහිදී ලබාගත හැකි බවයි.
පැමිණෙන මහජනතාව සඳහා විශේෂ විඩියෝ දර්ශන සහිතව දැනුවත් කිරීම් සිදුවන අතර පැමිණෙන සැමට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ විශේෂ පොතක්ද තිළිණ කිරීමට මහජන සම්බන්ධතා අංශය පියවර ගෙන තිබේ.
නාවුල ඉන්දික අරුණ කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







